යශෝධරාවත කියවන්න අගම බාධාවක් කරගන්නවානම් එය ඔබේ දුර්වල කමයි!!!

යශෝධරාවත සහ නිබ්බුත ගාථා

සිද්ධාර්ථගේ වෙන්වීම වේදනාවෙන් දරාගත් යශෝධරා ඔහුගේ යහපත,ඔහුවම පමණක් පැතූහ.

කිඳුරු එදා අද යශෝධරා බව අමතක කෙරුවේ ඇයි?

අවසානයේදී බුදුබව ලබා මුලු සමාජයටම පිහිටවූ ගෞතම බුදු රදුන්ගේ වෙන්වීම් ඔහුට ආදරය කළ යශෝධරා කොපමණ වේදනාවකින් දරාගන්න ඇත්ද

චන්න යාළු මගෙ හිමි සඳ අද කොතැනේ.. ගෙන්න වරෙන් මගෙ හිමි සඳ දකින මෙනේ...

යශෝධරා තරම් තම සැමියා වෙනුවෙන් කඳුළු හෙළු, කැපකිරීම් කළ තවත් ස්ත්‍රියක් නැති තරම්. ස්වාමියාගේ හැම වේදනාවක්ම, වෙන්වීමක්ම ඇය මහත් පරිශ්‍රමයෙන් දරාගෙන ඔහුවම පැතූහ.

යශෝධරාවත

අසමින මේ දහම් අඟනෝ ගෙන                 සිතට
යැටැසින රවා වත් නොබලා තම                  හිමිට
වසමින රන් රස සෙ එකඟින් අදර              කොට
උපදිනු යසෝදර බිසවුන් ලෙස                 සොඳට

රැක පතිදම් යසෝදර බිසවුන්                            ලෙසට
දුක සැප දෙකෙහි වෙනසක් නොව එක                 ලෙසට
එක හිමි පතා සිටියොත් ලඳුනි                           කොට
සැක නැත සඟ පවග මතු වර                       ලැබෙනවට
 

ඉන් නිසා ලියනි, හිමි හට                              යටිහතින
දොම් නසා නොවී ලෙඩ දුකෙහි                          සතතින
අන් ද්‍රෙසා නොලා සිතු යසෝදර                           මෙන
පින් රැසා කරවු සඟ මොක් ලබන                          මෙන

මෙබඳු පාදේ උපන් හැම ඉතිරින් ගෙ මස්තක පිට           සැදු
කිරුළයක් බඳු යසෝදර දේවිය ගෙ ආකාරය                 සුදූ
සවන කරමින් සියලු දිගැසින් මතු එ මෙන් උපදින         ලෙදූ
සකල පින් කරන්නා වූ අටියෙන් සිත් දරවූ මෙ බණ         කඳු

Design by WPThemesExpert | Blogger Template by BlogTemplate4U